මූල්‍යමය ප්‍රතිපත්තිය

නිමල වෙබ් අඩවිය පවත්වාගෙන යෑම සඳහා සහ අදාළ වෙනත් කාර්යයන් සඳහා අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා ප්‍රධාන අරමුදලක් පවත්වාගෙන යනු ලැබේ. එම ප්‍රධාන අරමුදල අප සමඟ එක්වන සමස්ථ ප්‍රජාවටම අයත් සම්පතක් ලෙස සලකා නිමල වෙබ් අඩවියේ සහ අදාළ වෙනත් කාර්යයන් සඳහා භාවිතයට ගැනේ.

ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා ප්‍රධාන අරමුදල ශක්තිමත් කර ගැනීමට මෙම වෙබ් අඩවිය ආධාර කොට යම් යම් මූල්‍යමය වටිනාකම්වලින් යුත් සහ අරමුණුවලට බාධා නොවන ආකාරයේ සේවාවන් සැපයෙනු ඇත.

නිමල වෙබ් අඩවිය සහ අදාළ කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යෑම සිදුවිය යුත්තකි. අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වෙබ් අඩවිය සහ අදාළ කාර්යයන්ට මුල් වන හෝ ඒ පිළිබඳ ප්‍රධාන ලෙස කටයුතු කරන අයට සෑහෙන කාලයක් සහ ශ්‍රමයක් ඒ සඳහා මිඩංගු කිරීමට සිදුවනු ඇත. එබැවින් අඛණ්ඩ පැවැත්මක් සඳහා එසේ වෙහෙසෙන අය වෙත දීමනාවන් සහ/හෝ ගෙවීම් කිරීම ද සිදුවේ. අදාළ මුදල් ප්‍රධාන අරමුදලින් අඩු කෙරේ. එහෙත් ප්‍රධාන අරමුදල නිමල වෙබ් අඩවිය සහ ඊට මුල් වන හෝ ඒ පිළිබඳ ප්‍රධාන ලෙස කටයුතු කරන අය හෝ වෙනත් අය උපයාගන්නා පෞද්ගලික ලාභයක් ලෙස නොව අප සමඟ එක්වන සමස්ථ ප්‍රජාවටම අයත් සම්පතක් ලෙස භාවිතයට ගැනේ. රටක රජයක් ලබනා ලාභය රටට අයත් සම්පතකි. එසේ වුවත් පැවැත්ම උදෙසා මහජන නියෝජිතයින්, රාජ්‍ය සේවකයින් ආදීන්ට යම් යම් ගෙවීම් කිරීමට සිදු වේ. පෙර පවසන ලද ප්‍රධාන අරමුදලින් අඩුකෙරෙන දීමනා සහ ගෙවීම් ඒ ආකාරයට අනුරූපව සිදු කෙරේ.