නිමල වෙබ් අඩවිය සහ අදාළ කටයුතු වර්තමානයේ සිදුවන්නේ නයන යාපා සහ කමල් වික්‍රමනායකගේ අදහස් සහ එකඟතාවයන් මතයි. ඔවුන් පිළිබඳ විස්තර ස්වල්පයක් පහත දැක්වේ.
නයන යාපා
නයන යාපා යනු එළැඹි සිහිය නිරතුරුව පවත්වා ගැනීම තුළින් ලොව වසන ඕනෑම පුද්ගලයකුට තමන් ලබා ඇති මිනිස් ජීවිතය වඩාත් සුවදායක සහ කාර්යක්ෂම ලෙස පවත්වා ගත හැකිය යන විශ්වාසය තමන් තුළින්ම අත් දැක ප්රත්යක්ෂ කර ගත්තෙකු වේ. අද අප රටේ පවතින බොහෝ ප්‍රශ්න බෞද්ධ බහුතරය තම උරුමය වන සතර සතිපට්ඨානය නිරතුරුව වඩන පුද්ගලයින් බවට පරිවර්තනය වීම තුළින් තිරසාර සහ ප්‍රායෝගික ලෙස විසදාගත හැකි බව ඔහු තරයේ විශ්වාස කරයි. ඒ් වෙනුවෙන් 2014 වසරේ දී ආරම්භ කරන ලද බ්ලොග් සටහන් (https://senasuma.wordpress.com) ඔහු විසින් අද දක්වා යාවත්කාලීන කෙරෙමින් පවතියි.
නයන යාපා කොළඔ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ද, කැළණිය විශ්ව විද්‍යාලයෙන් Master of Data Analytics උපාධිය ද ලබා ගත්තෙකු වන අතර දත්ත ගබඩාකරණය සහ ව්‍යාපාරික බුද්ධි අංශයෙහි ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු වශයෙන් සේවය කරන්නෙකි.
ඔහු ධර්ම මාර්ගයෙහි ගමන් කරන්නන් හට තම ජීවිතය සුවදායක කර ගැනීම පිණිස ඉවහල් වන ධර්ම කරුණු පුද්ගලානුබද්ධ ලෙස කෘත්‍රීම බුද්ධිය අනුසාරයෙන් පෙළ ගස්වමින් ලබාදිය හැකි ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම තුළින් ඔවුන්ගේ දිවි ඵලවත් කෙරුමට අත්වැලක් සැපයීමට උත්සාහවත් වන්නෙකු වෙයි.
කමල් වික්‍රමනායක
කමල් වික්‍රමනායක යනු බුදු සසුන පිළිබඳ පැහැදීමක් ඇතිව 2014 වසරේ සිට ධර්ම ප්රචාරක කටයුතු කරමින් සිටින පුද්ගලයකි. ඔහු විසින් https://thripitaka.org/ වෙබ් අඩවිය, https://www.trekmentor.org/ වෙබ් අඩවිය, https://www.trekmentor.com/si/enlighten වෙබ් අඩවිය සහ තවත් වෙබ් අඩවි කිහිපයක් ධර්ම ප්රචාරක කටයුතු සහ සමාජ ශෝධනය පිණිස පවත්වාගෙන යයි. ඔහු අල්පමාත්‍ර වරදෙහි ද දොස් දකින, විටෙක මෘදුවත් විටෙක දැඩිවත් වරදෙහි දොස් නඟන, බුද්ධ ධර්මයට විකෘති අර්ථ සපයමින් කටයුතු කරන්නන් ඉන් වළකාලීමට විශේෂයෙන් කටයුතු කරමින් සිටින පුද්ගලයෙකි.
කමල් වික්‍රමනායක වෘත්තියෙන් මෘදුකාංග නිර්මාණ ශිල්පියෙකු (Software Architect), ව්‍යාපාර නිර්මාණ ශිල්පියෙකු (Enterprise Architect), තොරතුරු තාක්ෂණය පිළිබඳ උපදේශකවරයෙකු, මෘදුකාංග නිපදවන්නන් පුහුණුකරුවෙකු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පෞද්ගලික ගුරුවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිය හදාරා විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු අංශයෙන් පළමු පෙළ ගෞරව උපාධියක් ලැබ ඇත. ඔහු පිළිබඳ අතිරේක තොරතුරු https://www.software.lk/people/kamal යන සබැඳියට අදාළ වෙබ් පිටුවේ දක්වා ඇත.
කමල් වික්‍රමනායක බොහෝ දෙනා ගෞතම බුදු සසුනේ පහස ලබත්වා, ඉන් සැනසීම උදාකර ගනිත්වා යන අදහසින් කටයුතු කරන පුද්ගලයෙකි. නිමල වෙබ් අඩවිය සහ ඊට අදාළ ක්‍රියාකරකම් හේතුවෙන් එම අදහස් මුදුන්පත් වේවා සහ එම අදහස් සඵල වීම පිණිස සංඝ සමඟිය ඇති වේවා යැයි ඔහු පතයි.